රයිගම් “දෙවැනි බත” වෙළෙඳ පොළට

වසර ගණනාවක් තිස්සේ තිරිගු පිටිවලින් පමණක් නිපදවූ නූඩ්ලස් “ද කිංඩම් ඔෆ් රයිගම්” ආයතනය විසින් සහල් පිටියෙන් නිපදවමින් ‘දෙවැනි බත නූඩ්ල්ස් තාලයට’ යන යෙදුම සමග වෙළෙද පොලට නිකුත් කර තිබේ.

එය වෙළෙද පොළට නිකුත කිරීමේ උත්සවය පසුගියදා හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක, කෘෂි කර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මව්බිම ලංකා පදනම ගරු සභාපති අරියසීල වික්‍රමනායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී පැවැත්විනි.

පාරිභෝගික රුචියට ගැළපෙන පරිදි දේශීය සහල් වර්ග වෙන වෙනම භාවිතා කර සුදු කැකුළු පිටි, රතු කැකුළු පිටි හා රෝස කැකුළු පිටි වශයෙන් නූඩ්ල්ස් තාලයට පිළියෙල කළ “දෙවැනි බත” වර්ග 3 කින් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.

දෙවැනි බත 100% ක්‌ දේශීය සහල් පිටි වලින් සාදනු ලබන අතරම එය රටේ ඕනෑම ආර්ථික මට්ටමක සිටින පාරිභෝගිකයකුට දරාගත හැකි සහන මිලකට වෙළෙද පොළට පිවිසෙන බවද පැවසේ.

මෙම උත්සවයෙන් පසුව අප සමග අදහස් දැක්වූ කිංඩම් ඔෆ් රයිගම් ආයතනයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා කියා සිටියේ මෙටේරික් ටොන් අසූදහසක් පමණ වන මෙරට තිරිගුපිටි නූඩ්ල්ස් පරිභෝජනය තුරන් කිරීමේ පළමු පියවර මෙය බවයි. ඒ අනුව මේවසරේදී (2013) සහල් පිටි නූඩ්ල්ස් මෙට්‍රික් ටොන් 10,000 ක ධාරිතාවයක් තම සමාගම විසින් මෙරට වෙළෙද පොළට එක් කිරීමට උත්සාහ ගන්න බවද ඔහු කීය.

සහල් සහ සහල් පිටි නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික වගකීමට උරදීමට මෙම ව්‍යාපාරය ආරම්භ කළ බවද පැවසූ ඒ මහතා සහල්පිටි නූඩ්ල්ස් රසයෙන් හා ගුණයෙන් කිසිම නූඩ්ලස් වර්ගයකට දෙවැනි නොවන නිෂ්පාදනයක් බවද කීය.

සහල් පිටි නූඩ්ල්ස් නිපදවීමට තමා රුපියල් මිලියන 300 ක් ආයෝජනය කර හෝමාගම නව කර්මාන්ත ශාලාවක් ආරම්භ කළ බවද ඔහු පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

ලංකාවේ වාර්ෂික සහල් නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් මිලියන 4.8 ක්‌ පමණ වෙනවා.එම කර්මාන්තයේ නියෑළි ගොවි පවුල් සංඛ්‍යාව 880,000 ක්. පාන් පිටි වෙනුවට සහල් පිටියෙන් තැනූ නූඩ්ල්ස්‌ පරිභෝජනයට පාරිභෝගික ජනතාව නැඹුරු කිරීම මගින් මෙතෙක්‌ ප්‍රධාන වශයෙන් බත් සඳහා පමණක්‌ භාවිත කළ දේශීය සහල් ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක්‌ බවට පත්වීම මගින් ස්‌ථාවර මිලක්‌ ලැබෙනවා.

වර්ෂය පුරා නොවෙනස්‌ව පවතින ස්‌ථාවර මිලක්‌ ලැබීම ආර්ථික වශයෙන් ගොවි ජනතාවට ශක්‌තියක්‌.ඔවුන්ගේ ජීවන මට්‌ටම ඉහළ යාමක්‌. අනිත් එක පාන්පිටි නූඩ්ල්ස් කෑවම. ලෙඩවෙනවා. හාල්පිටි නූඩ්ල්ස් ලෙඩත් නෑ. ගුණත් තියෙනවා. පාන් පිටි භාවිතය අඩු කිරීමෙන් වර්ෂයකට රුපියල් මිලියන 925 ක පමණ විදේශ විනිමයක්‌ ඉතිරි කරලන්නත් පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


eight + 9 =